සුදු මැණික


                                                                                                                                                සුදු මැණික
   

 සුදු මැණිකේ උඹ  ගිය දා වෛවාරණ

කොළඹ රටට විභාග  හැම පාස් කරලා

 සුවද ගහන රැකියාවට

තාමත් මං උදැල්ල කරපිට තියාන

 මඩ අස්සේ පුසුඹ හොයනවා

පිරිමිකමට නෑඩුවාට මද්දහනේ දාඩිය දා

 කඳුළු බිංදු වාන් දමනවා😔

 වෙල අයිනේ මල් අස්සේ උඹේ හිනාව හැංගිලා

හුළඟ  එක්ක මුකුලු කරනවා

 ඉස්සර සුදු පාට වැටි  බැද්ද පුරා  පිපුනු ඉද්ද

අද පිපෙන්නේ හීන්සැරේ

මට තරහට වගේ ඇකිලිලා

බඹරු ඇවිත් එහෙන් මෙහෙන්

 රූං කියා බැද්ද වටේ නෙලා ගත්ත

 මගේ මලට තාල තියනවා

 උඹ ගිහිල්ලා දවස් ගනන් ගෙවිලා ගියා

දකින්ට මට උඹේ මූණ ඕන වුණත්

හනික එන්ට සුවද හමන සෙන්ට් සුවදට

 මඩ තැවරුණු වෙලේ සුවද 

ජෝඩු වෙන්නේ නෑලු මැණික😔


හීන් සැරේ නැන්දම්මා කුඹුර

ඉහත්තාවෙන් යනකොට නොකියා කියා

මට දැනෙන්ට නෝක්කාඩුවක් කිව්වා

කෙල්ල නම් දැන් පාටයි ඉස්සර

 වගේ නෑ හරි හැඩයි යසට තොල් පාට වැටිලා

 නියපොතු පවා දිස්නෙ දෙනවා

 කන්තෝරුවෙ ම ලොකු මහත්තයෙක්

බහක් දෙන්නම් කියලා

 අනේ පිහිටයි ගම්බාර දෙවියන්ගේ

 හෙට ඉඳන් මහ කන්නෙ මුල් හීය

හානවා නැන්දම්මේ උඹලගෙ

පුරන් වුණ මහ කුඹුරේ

නොකීවට මං හිතාගත්තා ලියන්නට

 මට ඇහැක් හැටියට

 රෙජිස්ටර් තැපෑලෙන් ලියමනක්

 සුදු මැණික උඹ ගමට එනකොට

ගමෙන් යනකොට ඇඳන් ගිය

දණිහෙන් පල්ලටම වැටෙන මල් වැටුණු

ගවුමක් ම එකම එක වංගියක්

ආයෙත් ඇදගෙන වරෙන්

 ලස්සනයි උඹ හුඟක්😍



Comments

  1. ලස්සනයි ✍️❤️‍🔥

    ReplyDelete
  2. ගොඩාක් ලස්සනයි ❤️

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි 🤩🙏

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි 🤩🙏

      Delete
  4. ලස්සනයි 🥰✨️🤟

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඇවිස්සුණ මතක

මතක...

ඉකිබිදින පන්හිඳ