........... අත්තම්මා ........ ඒක මහ මූසල හැන්දෑවක්. කන ළගින්ම ඇහෙන බකමූණගෙ සද්දෙට ඇහුන්කන් දීගෙම ඇදට වැටුනෙ මට තිබ්බ මහන්සියට. බස් එකේ පොල් පටවනවා වගේ සෙනග. මොනවා කරන්නද ගමට යන අන්තිම බස් එක මිස් කරගන්න බැරි නිසාම කැම්පස් එකෙන් කුරුණෑගල බස් එකට නැග්ගෙ දෙපාරක් නොහිතමයි. ආවයින් ආවේ නෑ එහෙම ගමනක්. තාමත් ඇගේ අමාරුව. ටීක් ටීක් ටීක්. ඇස් දෙක පියාගෙන විනාඩියක් ඉන්න ලැබුනේ නෑ. මගෙ සරසවි කුමාරි. " ඔයා පරිස්සමෙන් ආවා නේද සුපුන් " කෙටි පණිවිඩයත් එක්ක එව්වෙ ඒ ඇගේ ආදරේ.නිපුනි, ඇය මට හමුවුනේ සරසවියෙ පළමු වසර අගභාගයේදි. අවසන් වසර නිමවෙන්න ආසන්න වනතුරුත් ඇගේ ආදරේ එහෙමමයි. අපේ ආදරේ එහෙමමයි. පිළිතුරු කෙටි පණිවිඩයක් ඇයට යවා යළිත් දෑස පියාගත්තේ විඩාබර ගතට හිතට විවේකයක් ලබාදෙන්න හිතාගෙන. පැයක්, දෙකක්, නෑ පැය ගානකට පස්සෙ අවදි උනේ මන් හිතේ නිදහසින්. " අත්තම්මේ........අත්තම්මේ......., ලයිට් එකක්වත් නොදා මෙයා කොහෙ ගියාද ?" තාමත් ම