හිඩැස

     හිඩැස ....






 බුරුල් කර කර ටයි ගැටේ නළලේ රැලි

නන්ගාගෙන

අත්වැට ට බර දිදී පඩිපෙල උඩට නගින

 පුතේ උඹ

මේස් සපත්තු ගලවලා සුදු ගැහුණ කකුල් දෙක

එකම එක වතාවක්

මහ පොළොවේ තියපන් සනීපෙට

දැනේවි හීතලක්

අඩි දහය දොළහක්  ඩිංගකට පලයන්

 වැලි ගල් කැබලි පාගගෙන

 ගලක් ඇණිලා

උඹට රිදුනොත් බලපන් ඔළුව නමලා

 ඇනුණු උල් ගල් කැටේ

 අයින් කරපන් ඇඟිලි තුඩකින් පොළොවේ

වැලිකැට අස්සේ

 උඹේ ඇසුත් දකී ඉස්සිච්ච  උඹේ කකුල්

 හිඩසින් ඔළුව බිමට නමාගෙන

 පැටලි පැටලී දුවන

 කළු පාට කුහුඹුවෙක්

හංගාගෙන බත් කුඩක් ඉඳුල් වුණු....

Comments

Post a Comment

Popular posts from this blog

ඇවිස්සුණ මතක

මතක...

ඉකිබිදින පන්හිඳ