ඇවිස්සුණ මතක
ඇවිස්සුණ මතක මැදියම් ම මේ මහ රැයේ හිරු නුඹත් නිදන සමයේ මතක ගුලිකර දෑස් බොඳ කර ආවේ කවුරුද කලුවරේ..... සීතලට නුඹ සීතලක් උණුසුමට නුඹ උණුසුමක් හද ගැබ ම නුඹෙ කළු ගලක් නොදැනුන එක කරුමයක් ... දෑස් ඉම මගෙ තෙත් කරන් නුඹ එන්නේ ඇයි රත්තරන් දුන් නමුත් මට ගින්දරක් නුඹ යන්න තව බොහෝ දුරක්.... සච්න්තක ✍️