ඇය 💖💖

 ඇය 💖💖

 


අම්මා..... අම්මා.....

පුතේ මන් කුස්සියේ ....

අම්මා....

බඩගිනි නේද මගේ පුතාට....

ඔව් අම්මා ....අදනන් ඉන්න බෑ....

ඉන්නකෝ මන් ඉක්මනට බත් එක බෙදලා දෙන්න මගේ පුතාට...

එහෙම කීව සමුද්‍රා තමන්ගේ පුතාට බත් එකක් බෙදන්න පිඟාන අතට ගත්තා... 

අම්මේ ඔයා කෑවද...

අම්මා බෙදලා දීපු බත් එක අතට ගත්ත සඳැස් ඇහුවා. මොකද ගොඩක් වෙලාවට තමන්ගේ කුස පුරවලා අම්මා වතුර කෝප්පෙකින් බඩ පුරවගන්න අවස්ථා සඳැස් දැකලා තිබුණ නිසා. 

ඔව් පුතේ මන් දැන් ටිකකට කලින් කෑවා...

ඒත් සඳැස් දන්නවා අම්මා එයා එනකල් බත් කන්නේ නැති වග. ඉතින් අදත් අම්මා බඩගින්නේද එතකොට.

අම්මා මට කන්න බෑ...

ඇයි පුතේ ...කෝ බත් එකට අත තියලවත් නෑනේ...

අම්මා කවන්නකෝ අද....

අනේ මගේ හුරතලා... කෝ දෙන්නකෝ...

එහෙම කීව සමුද්‍රා පුතා අතේ තිබ්බ බත් පිඟාන අතට අරන් බත් කටක් කැව්වා....

ම්ම්ම්ම්..... රසයි මගේ අම්මා....

කෝ කෝ කියවන්නේ නැතුව කන්න...බත් කටවල් හතරක් විතර කෑව සඳැස් ආයේම අම්මාට කතා කලා...

අම්මා මට ඇති....

අනේ පුතේ මේ ටිකත් කන්නකෝ...

ඇති අම්මා... හෙට clz එකේ exam එකක් තියනවා . මන් ඇග ටිකක් සෝදන් පාඩම් කරන්න යනවා අම්මා...

අනේ පුතේ මේ....

සමුද්‍රා එහෙම කියද්දීම සඳැස් නැගිටලා ගියේ අම්මා බඩගින්නේ කියලා දන්න නිසයි. 

................................................................................

රණබාහු පරම්පරාව කියන්නේ බණ්ඩාරවෙල ගොඩක් අයගේ හිත් දිනා ගත්තු පවුලක්. ධනය වගේම බලය අතිනුත් ඉහලින්ම ඉන්න පවුලක් තමයි රණබාහු පවුල. සඳැස් ජීවන්ත රණබාහු කියන්නේ රණබාහු පරම්පාරවේ ඉන්න එකම මුණුපුරා...

සඳැස්ගේ තාත්තා දිලීප රණබාහු කැසිනෝ ගහන්න පුරුදු වෙලා හිටියා...  විනෝදෙට කරන්න ගත්ත දේට දන්නෙම නැතුව දිලීප ඇබ්බෙහි වුනා.. හම්බ කරපු සල්ලි ටික ටික විනාශ වුනා මේ නිසා.. ඒ කාලේ සඳැස් ගොඩක් පුංචියි. මොන්ටිසෝරි යන වයසේ හිටියේ. 

කැසිනෝ නිසා හතර වටේටම ණය වෙලා හිටපු රණබාහු දවසක් බීලා ගෙදර ආවා... මේ හැම දෙයක්ම දිහා බලන් හිටපු

රණබාහුගේ අම්මා ඒ කියන්නේ පුංචි සඳැස්ගේ ආච්චීඅම්මා

කිව්වේ වෙනම කතාවක්....

මෙන්න මේකිගේ තියන කාලකණ්ණිකම... අනේ දෙයියනේ කොච්චර හොදට හිටපු කොල්ලද මේ.. මගෙ කොල්ලව කෑවා තෝ...

තමන්ගේ ස්වාමියාගෙන් වෙන වැරදි ඒ විදිහට සමුද්‍රා වෙතට එල්ල වුනා හරි ලස්සනට.. ඒත් සමුදා ඒ හැම දෙයක්ම දරාගෙන හිටියේ තමන්ගේ මහත්තයට වගේම පුතාටත් හිතේ තියන ආදරය නිසයි.

අන්තිමට වුනේ කවුරුත් නොහිතපු දෙයක් ... ණය වලින් ඉක්මනට නිදහස් වෙන්න ඕනේ නිසා රණබාහු පිටරට යන්න තීරණය කලා.. ඒකට සල්ලි හොයා ගත්තා සාගරයක් වගේ තිබුන ගේ උගස් කරලා... කොහොම හරි දිලීප රණබාහු රට ගියා.. සමුද්‍රා පුංචි පුතා එක්ක තනි වුනා.. සඳැස්ගේ ආච්චීඅම්මා නිතරම වගේ සමුද්‍රාට බැන්නා... පුලුවන් තරම් වචනයෙන් පහර දුන්නා....ඒත් අන්තිමට අසනීප වෙලා අවුරුද්දක් විතර ඉදලා මේ ලෝකෙන් සමු ගන්න දිලීප රණබාහුගේ මෑණියන්ට සිද්ද වුනා.ඒ කාලය අතර තුර කොච්චර බැනුම් අහගෙන වුනත් තමන්ගේ අම්මාට වගේ තම නැන්දම්මාට සලකන්න සමුද්‍රා අමතක කලේ නෑ....

ට්‍රීං ට්‍රීං .....ට්‍රීං .....

අම්මේ ලියුම් මාමා ඇවිත් ...... අම්මේ....

මේ එනවා පුතා....

මෙතන අත්සන් කරල ගන්න....

සමුද්‍රා ලියුම් අත්සන් කරල ගත්තා ... ලියුම කඩලා බැලුව සමුද්‍රාට උන්හිටි තැන් අමතක වුනා...

ඇයි අම්මේ....

පුතේ....

අම්මා බය වෙලා...ඇයි කියන්නකෝ..

අපිට හෙට මේ ගෙදරින් යන්න වෙනවා පුතේ...

ඇයි අම්මේ ඒ...

අපේ මේ ගෙදර බැංකුවට සින්න වෙලා .... 

සින්න වෙලා කිව්වේ...

මගේ පුතා තාම පොඩිනේ... මන් පස්සේ කියලා දෙන්නම්කෝ..

ම්ම්ම්ම්.....පුතා ගිහින් දැන් සෙල්ලම් කරන්න...

දෙයියනේ මන් මේ දරුවා එක්ක කොහෙ යන්නද.... ඇයි මහත්තයෝ අපිට මෙහෙම වුනේ.... ඔයා ගියා විතරයි මාසයක් යනකොට අපිව අමතක කලා .. අම්මාගේ මරණෙවත් ඔයා දන්නේ නෑ.... ඒත් මන් හිතුවේ නෑ මටත් ඔයාගෙ මේ දරුවටයි ඔයා මෙහෙම කරයි කියලා.... මන් කොහෙ කියලා යන්නද දිලීප....සමුද්‍රා කලේ දහ අතේ කල්පනා කරන එක... අන්තිමට දරුවත් අරන් කොලඔ කිට්ටුවට ඇවිත් ගෙයක් කුලියට ගත්තා...

කොහොම හරි පුතාව හොද තැනටක ගේන්න සමුද්‍රා හිතා ගත්තා...ඒක නිසාම පොඩි පොඩි ඇදුම් මහලා කඩවල් වලට දැම්මා.. රැයක් දවාලක් නැතිව මහන්සි වුනා... හරියට කන්නේ බොන්නේ නැතිව දරුවට කන්න බොන්න දුන්නා හොදට ඉගැන්නුවා.... ඒ වෙනකොට තුන වසරේ හිටපු පුංචි සඳැස් අම්මා විදින දුක දැක්කා... කොච්චර හිනා වෙලා හිටියත් හැමදාම රෑට සමුද්‍රා කොට්ටේ බදන් ඇඬුවා...

අම්මා අඬනවා කියලා තේරුන දවසේ ඉදන් පුංචි සඳැස් කලේ

අම්මාගේ අත උඩ ඔළුව තියන් නිදා ගන්න එක... පුතා දකින නිසා සමුද්‍රා ආයේ රෑටවත් ඇඬුවේ නෑ... ටික ටික කාලය ගත වුනා....සඳැස් ලොකු වෙන්න ලොකු වෙන්න හැම දෙයක්ම තෙරුම් ගත්තා... අම්මාගෙ බඩට කෑම නොදී තමගේ කුස පුරවන ....

දාහක් හිතේ දුක් හන්ගං හිනා වෙන.... ලස්සට ඇදුමක් අඳින්නේ නැතුව පුතාව ලස්ස්නට සරසන....ලෙඩක් දුකක් වුනාම ඒ දේවල් හිත අස්සේ ගුලි කරන් තමන් වෙනුවෙන්ම කැප වෙන තමන්ගේ අම්මාට කිසිම දවසක් දුකක් නොදෙන්න සඳැස් හිතා ගත්තා . හොදට ඉගෙන ගත්තා.. අම්මාව දවසක ලස්සනට දුකක් නැතුව තියන්න පුලුවන් තමන් හොද තැනකට ආවොත් කියලා සඳැස් දැනන් හිටියා... 

කාලය හරි වේගෙන් ඉගිලුනා.... සඳැස් උසස් පෙළ විභාගයට බයෝ වලින් පෙනී හිටියා... මහ ගොඩක් සල්ලි වියදම් කරන්න නැති නිසා අමතර පන්ති කියලා ගොඩකට යන්න සඳැස්ට පුලුවන්කමක් තිබ්බේ නෑ... ඒ ගැන කියලා අම්මා කරදර කලෙත් නෑ...ඒත් කැප වීම උනන්දුව නිසා සඳැස්ට A/L විභාගයෙන් සමත් වෙන්නත් සරසවි වරම් ලබන්නටත් පුලුවන් වුනා....

සඳැස් ගැන සමුද්‍රා තරම් සතුටු වුන තවත් කෙනෙක් නෑ.... 

අද සඳැස් වෛද්‍යවරයකු ලෙස රජයේ රෝහලක සේවය කරනවා... 

.................................................................................

ඩොක්ටර්..... ඩොක්ටර් .....

තමන් වෙතට පැමිණ කලබලයෙන් කතා කරන හෙදියකගේ කටහඬින් සඳැස් පියවි සිහියට ආවා....

ආ.... න(ර්)ස් ඇයි මේ හදිස්සියෙන් වගේ....

ඩොක්ටර් දැන් වෝඩ් එකට ලෙඩෙක් ගෙනවා ....ටිකක් අමාරුයි....අපි යමු ඉක්මනට.....

එහෙම කීව මේ තරුණ ඩොක්ටර් ..... සඳැස් ජීවන්ත රණබාහු 

ඉක්මන් අඩි තියලා වෝඩ් එකට ගෙනාපු ලෙඩා වෙතට ගියා...

ඒ කාලය වෙනකොටත් සඳැස්ගේ තාත්තා ගැන ආරංචියක් ලැබුනේ නෑ.... ඒත් සමුද්‍රාට ඒ වෙනකොට දුක් වෙන්න කාරණාවක් තිබ්බේ නෑ.... මොකද තමන්ගේ පුතා නිසා ජිවිතේ සැබෑ සතුටක් අද සමුද්‍රා විදිනවා... .........................................................................

ඉතින් එදා ගෙදර අහිමිව පාරට වැටුන වෙලාවේ ඇය සැලුනා නන් අද  හොද පුතෙකු...වෛද්‍යවරයකු ....බිහි නොවන්න තිබුනා.... හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕනේම දුකක් විදින්න ලෑස්තියි... ඒ තමයි අම්මා....


නිමි.....


සච්න්තක ✍️


🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Comments

Post a Comment

Popular posts from this blog

ඇවිස්සුණ මතක

මතක...

ඉකිබිදින පන්හිඳ