ඇවිස්සුණ මතක

      ඇවිස්සුණ මතක


මැදියම් ම මේ මහ රැයේ

හිරු නුඹත් නිදන සමයේ

මතක ගුලිකර දෑස් බොඳ කර

 ආවේ කවුරුද කලුවරේ.....


සීතලට නුඹ  සීතලක්

උණුසුමට නුඹ උණුසුමක්

 හද ගැබ ම නුඹෙ කළු ගලක්

 නොදැනුන එක කරුමයක් ...


දෑස් ඉම මගෙ තෙත් කරන්

 නුඹ එන්නේ ඇයි රත්තරන්

දුන් නමුත් මට ගින්දරක්

 නුඹ යන්න තව බොහෝ දුරක්....


සච්න්තක ✍️ 

Comments

  1. හැගුම්බර නිර්මාණයක් ලස්සනයි ❤

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි 🤩🙏

      Delete
  2. හිතට දැනෙන්න ලියලා❤❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක...

සාධාරණය...