අසම්මතය ...

        අසම්මතය...






එකඟයි....

අසම්මතය සුන්දරයි

හැබැයි සම්මතය තරම් නෑ

ඔව්....

ලෝකෙටම හොරෙන් ආදරේ කරන්න

හිත් අල්ලන් අනන්තයට යන්න

ප්‍රේමයට එහා ගිය රාග ගිනි අවුලන්න

බැල්මකින් පවා රසඳුනක් වෙන්න

අසම්මතයට පුළුවන්

 හැබැයි.....

මැරෙනකම්ම ලඟින් ඉන්න

වැටෙන තැනදී අත දෙන්න

ඇවිලෙන තැන දී සනසන්න

ලෝකෙම ඉස්සරහ ආදරේ දෙන්න

සම්මතයට විතරමයි පුළුවන්

කවුරු කොහොම කිව්වත්

 සම්මතය ළඟ අසම්මතය

 අසරණයි මිත්‍රයා


සච්න්තක ✍️

Comments

Post a Comment

Popular posts from this blog

ඇවිස්සුණ මතක

මතක...

ඉකිබිදින පන්හිඳ