ගීතයක සත්‍ය සිදුවීම

                       

          ගීතයක සත්‍ය සිදුවීම

                           


මගේ පුංචි රෝස මලේ

මමයි නුඹේ වියපත් බඹරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා...


කළුවර රෑ සඳක් වගේ

අහසේ නුඹ ඉන්නවනම්...

ආසයි මම නොකී කවිය

නුඹට කියන්න...

තරහක් නැහැ නුඹ බැස යන්න...


මගේ පුංචි නවාතැනේ

ඇවිදින් සැරි සරනවනම්...

ආසයි මං කවුළු පියන්

ඇරලා තියන්න...

තරහක් නැහැ නෑවිත් ඉන්න...


ගී පද - ධම්මික බණ්ඩාර


ආදරය වයස් භේදයක නොමැතිව හැමදෙනාටම දැනෙන හැගීමක්.ඒකට වයස් භේදයක් නැහැ.මේ ගීතයත් එයට හොදම උදාහරනයක්.ලංකාවෙ තවත් එක් වැඩිහිටි ගායකයෙකුට උනු සැබෑ සිද්ධියක් තමයි මේ රචනාවෙලා තියෙන්නේ.මේ ගායකයා කළුතර ප්‍රදේශයේ සංගීත පන්තියක් කරගෙන ගියා.ඔහුගේ පන්තියට ආවා වයලින් ඉගෙන ගන්න තරුණ ගැණු ළමයෙක්.ඔහුට ඇය පිළිබඳ පුදුමාකාර ආදරයක් ඇති උනා.මේ පුංචි කෙල්ල පන්ති නොපැමිනෙන දිනවලා ඔහුට පන්තිය කරන්නවත් හිතුනෙ නැහැ.ඒ තරම් ඔහුගේ හිත් අර පුංචි කෙල්ලට බැදිලයි තිබුනේ.ඔහු පන්තිය කරන අතර තුර කවුළුවෙන් මග බලා සිටිනවා ඇය එයි කියා.

ධම්මික එක් දිනක් මේ ගායකයා හමුවන්න යනවා ගීතයකට තනුවක් නිර්මාණය කරගන්න.නමුත් ඔහු නිවසේ සිටියේ නැහැ.පසුව ඔහු අවන්හලක බලන අවස්ථාවේදී මේ ගායකයා එම අවන්හලේ හොදටම බොනවා.ධම්මික් දුටු සැනිනි මේ වැඩිහිටි ගායකයා හඩාවැටුනා.''මචං අර කෙල්ල කසාද බදිනවා,බුලත් අතක් දීලා මට වැදලා ගියා'' මේ ගායකයා හඩා වැටෙමින් කිව්වා.


ආදරයේ වියෝව වයස් භේදයක් නැතුව දැනෙන හැගීමක්.පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක් විදින ඒ වේදනාවයි ''මගේ පුංචි රෝස මලේ'' ගීතයේ ලියවුනේ.ධම්මිකගේ පදරචනය අමරසිරි පීරිස්ගේ කටහඩින් ගීතයක් බවට පත් වුනේ එසේයි.


ආදරයට හරස් උනේ වයසයි.ඔහු වයසින් වැඩිහිටියෙක් ඇය ලාබාල තරුණියක්.ආදරයට වයස බලපාන්නේ නැහැ.නමුත් අසම්මතයැයි සිතූනමුත් තහංචි දැමිය නොහැකි හැගීමක්.


''මගේ පුංචි රෝස මලේ

මමයි නුඹේ වියපත් බඹරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා...''


හිතේ ඇති ආදරේ කියාගන්න හැකියාව නැති උනත් ආසයි ඒ දේ කියන්නට.ඇය ආදරේ තේරුම් නොගත්තත් ඇය සමග තරහක් නැහැ.


''කළුවර රෑ සඳක් වගේ

අහසේ නුඹ ඉන්නවනම්...

ආසයි මම නොකී කවිය

නුඹට කියන්න...

තරහක් නැහැ නුඹ බැස යන්න...''


ඇය ඔහු ලගට එනවනම් ඔහු කැමතියි.නමුත් නාවා කියලා ඇය සමග තරහ වෙන්නෙත් නැහැ.


''මගේ පුංචි නවාතැනේ

ඇවිදින් සැරි සරනවනම්...

ආසයි මං කවුළු පියන්

ඇරලා තියන්න...

තරහක් නැහැ නෑවිත් ඉන්න...''


මෙලෙස සැබෑ අත්දැකීමක් ගීතයක් බවට පත්වුනා.අවසාන වශයෙන් කිවහැකි දෙයනම් ආදරයට වයස් භේදයක් නොමැති බවයි.

Comments

Post a Comment

Popular posts from this blog

ඇවිස්සුණ මතක

මතක...

ඉකිබිදින පන්හිඳ