ඉකිබිදින පන්හිඳ



        ඉකිබිදින පන්හිඳ ......
                                    


 අරුණැල්ලේ සිලිලාරෙන්
නිශා යාමේ මද අඳුරින්
 ළතැවිල්ලේ සේයාවෙන්
වැළපිල්ලේ හෝරාවෙන්

 

ඇහිඳ නෙක නෙක අකුරු සිත්තම්
තනා නෙත් කලු සොඳුරු ගෙත්තම්
වයා හදතුළ මතක මල්දම්
වියා හදතුළ සොඳුරු අත්කම්

 

                    සොඳුරු සුයාමෙක
                    සෙනෙහෙ කලාවක
                    සත්සර නංවා පැමිණ 
                   මතක මං මුළාවක
                   සුසුම් හුදෙකලාවක

 

නොගැයූ දුක් ගීය
 හදෙහි දරාගෙන
 සුසුම්ලන අපූරුව
ඉකිබිදින පන්හිද ......😞

Comments

Post a Comment

Popular posts from this blog

ඇවිස්සුණ මතක

මතක...