වසංගතය

 

වසංගතය


වසංගතයක් ඇවිදින් ලු නේද
පැතිර යනවලු යදම් බිදගෙන
 මිනිස් සතුනට නොදත් කළගුණ
 පාඩමකි මේ පවසන්නේ මිහි මව

 හෙලා දමන කළ මහ ගස් එකින් එක
වඳව යන කළ මිහි දරුවෝ හිමිහිට
මොළය අතින්ගත් මිනිසුනේ ඔබ හට
 නොදැනුනේ කිම්ද කළ විපතක මහත

 අඳුර රජයන පාළු මාවත්
තනිව වැලපෙන රුදුරු කම්හල්
නිසල නදියේ දිලෙන දිය පොද
 විරාමයකි මේ පවසන්නේ මිහිමව

මේ ඇරඹුමකි පවසන්නේ හැමටම
නොදත් කළගුණ දුදන මිනිසුනට
මිහි මවගේ ආදරය ලබනට
රකිනු මැන ඇය දිවි පරදු කරගෙන


Comments

Post a Comment

Popular posts from this blog

ඇවිස්සුණ මතක

මතක...

ඉකිබිදින පන්හිඳ